රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨය සදහා මහල් දොළහක ගොඩනැගිල්ල ඉදිකිරිමේ ව්‍යාපෘතිය අවසන්විමෙන් පසු වාර්ෂික ඇතුළත් කරගන්නා වෛද්‍ය සිසුන් සංඛ්‍යාව 200 දක්වා වැඩිකිරිමට සැලසුම්කොට ඇති බැව් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය සම්බන්දයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවේ සදහන් වේ.
මෙකි ව්‍යාපෘතිය නිම කිරිමෙන් පසු වාර්ෂික ඇතුළත් කරගන්නා වෛද්‍ය සිසුන් සංඛ්‍යාව 160 සිට වසරකට සිසුන් 10 බැගින් වසර 04ක් තුලදි සිසුන් 40කින් වැඩිකොට වාර්ෂිකව ඇතුළත්කරගන්නා වෛද්‍ය සිසුන් සංඛ්‍යාව 200 ක් කිරිමට සැලසුම්කොට ඇත.